Sunday, April 26, 2026
Homeදේශීයරාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් දීමට තීරණය කරයි

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් දීමට තීරණය කරයි

අතිදුෂ්කර මූල්‍ය තත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වාගෙන යෑමේදී දැරිය යුතු අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් මුදල් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මහජන සේවා පවත්වාගෙන යෑමේදී අත්‍යවශ්‍යයෙන්ම දැරිය යුතු පුනරාවර්තන වියදම් සඳහා පමණක් භාණ්ඩාගාර මුදල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.3 ක් දක්වා පහත වැටී ඇති බව කැබිනට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

එම කැබිනට් නිවේදනය පහතින්,

READ:   ආරාධනා ලැබුණොත් ජනපතිකම බාරගන්න සූදානම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්