Saturday, April 25, 2026
Homeදේශීයතුර්කි භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 3,700 ඉක්මවයි (PHOTO)

තුර්කි භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 3,700 ඉක්මවයි (PHOTO)

දකුණු තුර්කිය සහ සිරියානු දේශසීමාව ආසන්නයේ ඊයේ (06) උදෑසන ඇතිවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු තුර්කියේ මිය ගිය සංඛ්‍යාව 2300 ක් සහ අසල්වැසි සිරියාවේ මිය ගිය සංඛ්‍යාව 1,444 ක් පමණ වන බව විදෙස් මාධ්‍ය පවසා තිබෙනවා. දෙරටෙහි දුවාල ලැබූ සංඛ්‍යාව 15,000 කට වැඩි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඊයේ උදෑසන ඇති වූ භූ කම්පනයෙන් සුන්බුන් අතර සිරවී සිටි අය මුදා ගනිමින් සිටියදී රික්ටර් මාපක 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් තුර්කි – සිරියානු දේශ සීමාව තුළදී හටගෙන තිබුණා.

සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

READ:   රජය පුරුදු පරිදි බැංකු වැඩ කියයි. වෘත්තීය සමිති හෙට බැංකු වැඩ නෑ කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්