ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (02) දකුණු අප්‍රිකාව බලා පිටතව යාමට නියමතයි.
ඒ අනුව දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
මෙවර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව පළමු කාණ්ඩයට ඇතුළත්ව සිටින අතර, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව පළමු වටයේ අනෙක් කණ්ඩායම් වනවා.
තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු තරග 2කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන අතර අයර්ලන්තයට එරෙහිව පෙබරවාරි 06 වැනිදාත්, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 08 වැනිදාත් පුහුණු තරඟ පැවැත්වෙනවා.
පෙබරවාරි 10වෙනිදා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන අතර පෙබරවාරි 12 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත්, පෙබරවාරි 16 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිවත් සහ පෙබරවාරි 19 වැනිදා නවසීලන්තයට එරෙහිවත් ශ්‍රී ලංකාව තරඟ වැදීමට නියමිතයි.
තරගාවලියේ අවසන් මහ තරගය පෙබරවාරි 26 වැනිදා කේප්ටවුන් නුවරදී පැවැත්වේ.
ලෝක කුසලානය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායක), ඔෂධී රණසිංහ, හර්ෂිතා සමරවික්‍රම, සත්‍යා සංදීපනී, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, කෞෂානි නුත්‍යාංගනා, මල්ෂා ෂෙහානි, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, විශ්මි ගුණරත්න, තාරිකා සෙව්වන්දි, අමා කංචනා.


