Tuesday, May 26, 2026
Homeදේශීයඋපයෝගිතා කොමිසමේ සභාපති අයින් කරන්න නීතිමය පියවර ගැනීමට යයි

උපයෝගිතා කොමිසමේ සභාපති අයින් කරන්න නීතිමය පියවර ගැනීමට යයි

පවතින විදුලි කප්පාදුවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක වගකිවයුතු බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසා තිබෙනවා. එනිසා ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට පාර්ලිමේන්තුවේ ප්‍රතිපාදන අනුව කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා පවසා ඇත්තේ.

මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් පසුගියදා අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කළ ලිපිය සභාපතිවරයා පෞද්ගලිකව යොමු කළ ලිපියක් බවත් අනෙක් සමාජිකයින් දැනුවත් කර නැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සෑම විටම තම පෞද්ගලික මතය ප්‍රකාශ කර ඇති බවත් කොමිසමේ මතය ප්‍රකාශ කර නැති බවත් බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා තනතුරින් ඉවත්කිරීම සඳහා අවශ්‍ය චෝදනා පත්‍රය සකස් කරමින් ඇති බවත් ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාගේ එකඟතාවය ලැබී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ සිදුවන විදුලි කප්පාදුව ගැන දැනුවත් කිරීමට බලශක්ති අමාත්‍යවරයා විසින් මෙම මාධ්‍යහමුව කැඳවූ බව සඳහන්.

READ:   QR අලුත් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්