Wednesday, September 30, 2026
Homeදේශීයහිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගැන අධිකරණයේ නියෝගය

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගැන අධිකරණයේ නියෝගය

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පනවා ඇති නඩුවක් පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය අද (27) ප්‍රතික්ෂේප කළ බව වාර්තා වෙනවා.

එම චෝදනාව විභාග කිරීමට අධිකරණයට බධාවක් නොමැති බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා මැයි මස 10 වනදා අදාළ නඩු විභාගය පැවැත්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීමට සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කර තිබෙනවා.

වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ලංකා ස.තො.ස ආයතනයේ සේවකයින් රාජකාරියෙන් බැහැර කර දේශපාලන කටයුතු වල යෙදවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට නඩු පවරා තිබුණා.

READ:   එළුපාලනයට කැමති අයට එළුවන් නොමිලේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්