Saturday, April 18, 2026
Homeදේශීයනිදහස් උත්සවයේ වියදමට ජනපතිගේ විරෝධය (VIDEO)

නිදහස් උත්සවයේ වියදමට ජනපතිගේ විරෝධය (VIDEO)

75 වන නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත් ලෙස සැමරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

නිදහස් දින සැමරුමේ අධික වියදම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කර සිටින අතර ඩි.එස් සේනානායක මැතිතුමන්ගේ පිළිරුවට මල් මාලා දැමීමට රුපියල් 97,000 ක්, ජාතික ගීය ගායනා කිරීම සඳහා ලක්ෂ 18 ක්.. වශයෙන් මුදල් ඇස්තමේන්තු කර තිබීම ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක් විය.

නිදහස් දින සැමරුම අවම වියදමක් යටතේ සැමරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

අදාළ විඩියෝව පහතින්,

READ:   එළුවන්ට රක්ෂණාවරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්