Saturday, September 12, 2026
Homeක්‍රීඩාදසුන් ශානක මිලදී ගන්න ඉන්දියාවේ සල්ලි මදි වෙයි - ඉන්දීය සුපිරි ක්‍රීඩක

දසුන් ශානක මිලදී ගන්න ඉන්දියාවේ සල්ලි මදි වෙයි – ඉන්දීය සුපිරි ක්‍රීඩක

ශ්‍රී ලංකා කණ්ඩායම ගැන නිතර විවේචන එල්ල කළ ඉන්දීය කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයකු වන ගෞතම් ගාම්භීර් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකගේ වටිනා කම ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ශ්‍රි ලංකාව සහ ඉන්දියා කණ්ඩායම් අතර අවසන් වූ දෙවන විස්සයි විස්ස තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාගේ පිතිකරණ විලාශය සැලකීමේදි ඔහුට ඉහළ වටිනාකමක් හිමි විය යුතු බව ගෞතම් ගාම්භීර් ප්‍රකාශ කර සිටිනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ශ්‍රී ලංකා ඉන්දියා විස්සයි විස්ස තරඟාවලියට පසු පැවතියේ නම් දසුන් ශානක මිලදි ගැනීම සඳහා ඉන්දීය කණ්ඩායම් සතු මුදල් ප්‍රමාණවත් නොවිය හැකි බව ගෞතම් ගාම්භීර් ස්ටාර් ස්පෝට්ස් නාලිකාව වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

ඔහු මෙසේ සඳහන් කර තිබුණේ මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියට දසුන් ශානක ඉදිරිපත් කළද එහිදී මුලික මුදලකට හෝ කිසිදු කණ්ඩායමක් දසුන් ශානක මිලදී නොගත් තත්වයකදීයි.

READ:   චාමික කරුණාරත්නට වසරක තරඟ තහනමක් තරඟ තහනමක් පනවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්