Monday, September 14, 2026
Homeක්‍රීඩාසුපිරි පාපන්දු තරුව මෙලොව හැරයයි (VIDEO)

සුපිරි පාපන්දු තරුව මෙලොව හැරයයි (VIDEO)

පාපන්දු ලෝකයේ රජු ලෙස සැලකෙන බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසරක පමණ කාලයක් උදර පිළිකාවකින් පීඩා විදි පේලේ සාඕ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වනවා.

1958, 1962, 1970 යන වසර වලදි බ්‍රසීලය වෙනුවන් තුන්වතාවක් පාපන්දු ලෝක කුසලානය දිනා දුන් ලොව එකම ක්‍රීඩකයා වන පේලේ මිය යන විට 82 වන වියෙහි පසුව තිබුණා.

සිය ජාතික වස්තුව පේලේ වෙනුවෙන් දවස් තුනක ශෝක කාලයක් නම් කිරීමට බ්‍රසීල රජය තීරණය කර තිබෙනවා.. ඒ පිළිබඳව සහ තවදුරටත් විස්තර අඩංගු විඩියෝව පහතින්.

READ:   13 ක්‍රියාත්මක කරන්ඩ ජනපති උනන්දුයි: පොලිස් බලතල බෙදීම ගැන සාකච්ඡාව හෙට - සී.වී. විග්නේෂ්වරන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්