Thursday, May 14, 2026
Homeක්‍රීඩාGalle Gladiator හමුවේ Kandy Falcons පරාජයට

Galle Gladiator හමුවේ Kandy Falcons පරාජයට

LPL තරඟාවලියේ සිය පළමු පරාජය අත්කර ගැනීමට Kandy Falcons කණ්ඩායමට අද සිදුවුණා. ඒ Galle Gladiator කණ්ඩායම සමඟ අද (12) පැවති තරඟය ලකුණු 12 කින් පරාජය විමට සිදුවීමත් සමඟයි.

තරඟයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Galle Gladiator කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 153 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී Galle Gladiator කණ්ඩායම වෙනුවෙන් තානුක දාබරේ ලකුණු 70 ක් සහ වනිඳු ප්‍රනාන්දු ලකුණු 56 ක් වශයෙන් රැස් කළා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හබා යෑම සඳහා පිටියට පිවිසි Kandy Falcons කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 141 පමණයි.

ඒ අනුව Kandy Falcons සහ Galle Gladiator කණ්ඩායම් අතර අද පැවති තරඟය ලකුණු 12 කින් ජය ගැනිමට Galle Gladiator කණ්ඩායම සමත් වුණා.

READ:   ක්‍රිකට් නිලවරණය තියන්න ගත් තීන්දුව මෙන්න..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්