Tuesday, September 29, 2026
Homeදේශීයඅද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුත්තලම, අම්පාර, මඩකලපුව, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   සිම්බාබ්වේ වාර්තා ගත සුපිරි ජයක් ලබයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්