Saturday, April 18, 2026
Homeදේශීයඇප ලැබූ රැඳවියන් සෞඛ්‍ය පරීක්ෂකට දැනුම්දෙන්න

ඇප ලැබූ රැඳවියන් සෞඛ්‍ය පරීක්ෂකට දැනුම්දෙන්න

පසුගිය සති දෙකක කාලය තුලදි බන්ධනාගාරවලින් ඇප ලබා නිදහස්ව ගොස් ඇති  රැදවියන් තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා ප්‍රාදේශීය  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් වෙත  දුරකථන ඇමතුමක් මගින් ඒ ගැන දැනුම් දෙන්නැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
 
මොවුන්ගේ නිවෙස්වලටම පැමිණ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට  කටයුතු යොදා ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි. මෙවැනි පුද්ගලයින් පිළිබද අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට ද දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
 පසුගිය දින 14 තුල බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් සිටි රැදවියන් 38 දෙනෙකු ඇප ලබා නිදහස්ව ගොස් ඇති බවද හෙතෙම පවසයි.  ඔක්තෝබර් මස 30 වැනිදින සිට මේ දක්වා කාලය තුලදි බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන්  ඇප ලබා නිදහස්ව ගිය  රැදවියන් පිළිබද නාම ලේඛනයක් ලබාදෙන ලෙස බන්ධනාගාර දේපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි අතර  එම රැදවියන් හැකි ඉක්මණින් හදුනාගෙන නිවෙස්වල ස්වයං  නිරෝධායනයට ලක් කිරීමට  පියවර ගන්නලෙස පොලිසියට දැනුම් දී ඇති බවද හෙතෙම පවසයි.
 
රැදවියන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින්  පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කරණ තෙක් ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බව සදහන් කළ වසංගත රෝග විද්‍යාඥවරයා  බන්ධනාගාර පොකුර සමාජගත නොවී පාලනය කිරීම සදහා  සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ සමග එක්වී මෙම පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් සදහන් කළේය.

lankadepa

READ:   අද දුම්රිය ප්‍රමාද වෙනවා - දුම්රිය දෙපාර්තමේන්තුව
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්