Saturday, April 18, 2026
Homeදේශීයසිංහරාජ සංරක්ෂිත ප්‍රදේශය හෙක්ටෙයාර 11,000 සිට 35,000 දක්වා වෙයි

සිංහරාජ සංරක්ෂිත ප්‍රදේශය හෙක්ටෙයාර 11,000 සිට 35,000 දක්වා වෙයි

සිංහරාජ සංරක්ෂිත ප්‍රදේශය හෙක්ටෙයාර 11,000 සිට 35,000 දක්වා වෙයිමෛත්‍රීපාල සිරිසේන පාලන සමයේ සිංහරාජයට අලුතින් වනාන්තර එක්කොට පලකරන ලද අංක 2150/31 සහ 20 නොවැම්බර් 2019 දරන ගැසට්ටුව නිදහස් කොට ඇති අතර ඒ අනුව සංරක්ෂිත ප්‍රදේශය හෙක්ටෙයාර 11,000 සිට 35,000 දක්වා වැඩිවනු ඇත.

සිංහරාජ වනාන්තරය වටා තිබෙන පරිවාර වනාන්තර ඒකාබද්ධ කිරීමට තීරණය කර දැන් මේ සියලු වනාන්තර පද්ධතියම සිංහරාජය ලෙස සැලකෙනවා. සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය වටා පිහිටි යෝජිත රක්ෂිත වනාන්තර 13 ක් එම රක්ෂිතයට සම්බන්ධ කර වනාන්තර හෙක්ටයාර 30000 ක් දක්වා ජාතික උරුම වන රක්ෂිතයේ භූමි ප්‍රමාණය වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනයකට අත්සන් තබා ඇත. ඒ අනුව දෙල්ලව, තවලම, මොරපිටිය-රූනකන්ඳ, වරතැල්ගොඩ මූකලාන, නෙළුකැටිය මූකලාන, දෙල්මැල්ල-යටගම්පිටිය, අයගම, කරවිට, දෙල්වල, කුඩුමිරිය, මස්ඉඹුල, මගුරුගඟ යන යෝජිත රක්ෂිත සිංහරාජ ජාතික උරුම වන භූමියට පැවරීමට කටයුතු කර ඇත.මෙය ඉටු කරගැනීමට ඇපකැප වූ සියලුම සංරක්ෂණවේදීන්, පරිසරවේදීන්, පරිසර සංවිධාන, ක්ෂේත්‍ර ප්‍රවීණයන්, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, අනෙකුත් අංශ සියල්ලටම ස්තූතිවන්ත විය යුතුය.

අවුරුදු ගණනාවක උත්සහයක ප්‍රතිපලයක් මෙලෙස සාර්ථක වීම තුලින් අනාගතයේදි මේ විශාල වූ සිංහරාජය තවදුරටත් රැකගැනීමට අවශ්‍ය කටයුතු සිදු විය යුතුය. මෙය මෙරට පරිසරවේදීන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් වන්නෙ වනාන්තර විනාශ වලින් පිරුණු අවිනිශ්චිත අවුරුද්දක් තුල මෙය ලැබූ නිසාය. හෙක්ටයාර 11,000 සිට හෙක්ටයාර 36475ක් දක්වා සිංහරාජය පුළුල් වූ වගයි.

ගැසට්ටුවට මෙතනින් http://www.documents.gov.lk/files/egz/2019/1සෙතිල් මුහන්දිරම්

READ:   හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට සහ බිරිඳට අමෙරිකාව තහනම්..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්