Wednesday, April 29, 2026
Homeදේශීයසිඩ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

සිඩ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගේයපද රචකයෙකු හා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකු වන සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද(14) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 61 වන වියේ පසු විය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන සිඩ්නි ජාතික රූපවාහිනියෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර පසුව මහරාජා මාධ්‍ය ජාලයට සම්බන්ධ විය. මෑතක් වනතුරුම එහි ජ්‍යෙෂ්ඨ තනතුරක නිරතවූයේය.

 අභාවප්‍රාප්ත සිඩ්නි චන්ද්‍රසේකර මහතා ටෙලි නාට්‍ය රාශියක් නිර්මාණය කළා සේම ටෙලි නාට්‍ය තේමාගීත රචනයේ දක්ෂයෙකු විය. කුමාරයාණෙනී, නිදිකුම්බා මල් ඔහුගේ ටෙලිනාට්‍ය නිර්මාණ කිහිපයකි.   ‘ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ’ ඔහුගේ රචනයට රූකාන්ත ගුණතිලක ගැයූ අතිශය ප්‍රකට ගීතයකි.පසුගිය කාලයේ ප්‍රකට වූ “නැගිටිමු ශ්‍රී ලංකා” තේමා ගීතය ද ඔහු විසින් රචිත එකකි.  ‘අනන්තයෙන් ආ තරු කුමාරා’ . ‘මේ ආදරයයි’.’ප්‍රේම දඩයම’ වැනි ටෙලි නාටක සඳහාද ඔහු තේමා ගීත රචනා කළේය.

READ:   හිරු නොබසින රාජ්‍යයෙන් බැස ගිය මහ රැජන
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්