කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු මහමග මියගොස් ඇති බව පවසමින් ව්‍යාජ ඡායරූප පළකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මෙසේ ව්‍යාජ ඡායාරූප පළකළ තවත් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. පසුගිය දින කිහිපය තුළ, මහමග ඇදවැටී මියගිය පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව වාර්තා වී තිබූ අතර සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ එම මරණ සියල්ලම කොවිඩ් 19 හේතුවෙන් සිදු වූ මරණ නොවන බවයි.
නවතම වීඩියෝ
-
🚨"පුළුවන්නම් ජනාධිපතිතුමා,"එළියට තියලා ගහන්න පුළුවන් නම් මැච් එක" - චාමර ප්ලෙස් ටු ප්ලෙස් ගේම ඉල්ලයි
-
ආඩම්බර වෙමින් කතාව ඇරඹූමාලිමා මන්ත්‍රී කියූ කතාව
-
පොලිසියට අධිකරණයට විතරද අපිට මොකුත් නැද්ද අහන සමහර රාජ්‍ය සේවකයින්ට මාලිමාවේ හිරුණි ගාණ හදලා පෙන්නයි
-
ජංගම ගිනුම ඇතුළු සියල්ල ස්ථාවර කරගත් හැටි ඇමතිනී පෝල්රාජ් කියයි..සරෝජාවිපක්ෂෙට දුවන්න කියයි


