Sunday, April 19, 2026
Homeදේශීයරුක්මණී දේවි ඉපදුණු පෙරට්ටාසි රෝහල

රුක්මණී දේවි ඉපදුණු පෙරට්ටාසි රෝහල

රුක්මනිදේවිය ඉපදුන බවට සැලකෙන වසර 11 ක පමණ කාලයක සිට වසා ඇති පෙරට්ටාසි පැරණි රෝහල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ කලාපයේ දුෂ්කර ගම්මානයක් ලෙසින් හදුන්වන පෙරට්ටාසි ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පසුගිය දිනක (27) සිදුවිය.

එහිදී එම ගම්මානයේ ජනතාව මුහුණ දෙනු ලබන බස් රථ ගැටලුව, මහා මාර්ග ගැටලුව, මාතෘ සයනයක අවශ්‍යතාව වැනි ගැටලු සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයා සිය අවධානය යොමු කර ඇත. 

වසර 11ක කාලයක් වසා දමා ඇති පෙරට්ටාසි පැරණි රෝහල නිරීක්ෂණය  කිරීමට ද එම මහතා කටයුතු  කර තිබුණු අතර එම රෝහලේ ලිපි ලේඛන අතර රුක්මණී දේවියගේ උප්පැන්න සහතිකය තිබුන බවට විශ්වාස කරන අතර රාවනාගේ කරත්ත පාර , ගැරඬි ඇල්ල ආදී සංචාරක ආකර්ෂණ රැසක් මෙම ගම්මානය සතුව තිබීම විශේෂත්වයකි.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

READ:   චෙන්නායි රජවරු 5 වැනි වරටත් අයි.පී.එල් කිරුළ දිනා ගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්