Thursday, June 11, 2026
Homeදේශීයයුද්ධ හමුදා විශ්‍රාමිකයින්ගේ රැකියා බැංකුවට නව වෙබ් අඩවියක්

යුද්ධ හමුදා විශ්‍රාමිකයින්ගේ රැකියා බැංකුවට නව වෙබ් අඩවියක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයකර විශ්‍රාම ලබන වෘත්තීය දක්ෂතාවලින් පරිපූර්ණ යුද්ධ හමුදා සාමාජිකයින්ට තම සුදුසුකම් අනුව රැකියා අවස්ථා සොයාගැනීම පහසු කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේගේ සංකල්පයක් අනුව නිර්මාණය කළ නව වෙබ් අඩවිය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පසුගිය දා එළිදැක්වීය.

වෘත්තීය විශේෂඥතාවයෙන් හෙබි යුද්ධ හමුදා සාමාජිකයින් විශ්‍රාම යෑමෙන් පසුව වෙනත් වෘත්තියක නිරතවීමට බලාපොරොත්තුවන්නේ නම් ඔවුන් මෙම වෙබ් අඩවිය පරිශීලනය කර තමන්ට ගැලපෙන වෘත්තියක් සොයාගැනීමේ හැකියාව හිමිවේ.

ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් ලලිත් හේරත් සහ තොරතරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සජිත් ලියනගේ ගේ මඟපෙන්වීම යටතේ තොරතරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කරනු ලැබීය. දිවයින පුරා ස්ථාපිත ප්‍රධාන පෙළේ සමාගම් 13 ක් මේ වනවිට මෙම නව වෙබ් අඩවිය සමඟ ලියාපදිංචි වී ඇත.

දිලංක ගුණතිලක

READ:   විදුලි ඇමතිගෙන් රතු එළියක් - බිල වැඩි නොකළොත් අඳුරේ ඉන්න වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්