Saturday, July 25, 2026
Homeදේශීයදෙසැම්බරයේ රට පුරා වැසි

දෙසැම්බරයේ රට පුරා වැසි

දෙසැම්බර් මස 02 දින සිට දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට වැඩි හැකියාවක් ඇති අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

READ:   ඉටුකම කොවිඩ් අරමුදලට බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයෙන් (ALFEA) රු.මිලියන 6ක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්