Tuesday, April 21, 2026
Homeදේශීයකොරෝනා නිසා වරායෙන් පිට නෞකා පෝලිමක්

කොරෝනා නිසා වරායෙන් පිට නෞකා පෝලිමක්

කොළඹ වරාය සේවකයන් ගණනාවකටම කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් එහි මෙහෙයුම් කටයුතු තරමක් අඩාල වී තිබෙනවා.

මේ හේතුවෙන් වරාය මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා විශ්‍රාම ගොස් සිටින වරාය සේවකයන් යළි සේවයට කැඳවීමට සොයා බලන බව වරාය සභාපති දයා රත්නායක මහතා පැවසුවා.

කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා විශාල ප්‍රමාණයක් වරාය පිටත නැංගුරම් ලා ඇත්තේ ද මේ හේතුවෙන්.

වරාය සභාපතිවරයා සඳහන් කරන්නේ බහාලූම් ගොඩබෑම යම් ප්‍රමාදයක් ඇති බව සත්‍ය නමුත් එය හැකිතාක් අවම කර ගැනීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

READ:   LTTE ප්‍රවර්ධනය කළැයි නිරෝධායනය වෙමින් සිටි අයකු TID අත්අඩංගුවට
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්