Monday, June 15, 2026
Homeදේශීයගොවීන් සඳහා නොමිලේ ඉන්ධන

ගොවීන් සඳහා නොමිලේ ඉන්ධන

චීන රජය විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබාදීමට එකඟවූ බව රජයේ මාධ්‍ය අංශය වාර්තා කරනවා. ඒ චීන රජයෙන් මෙරට ජනාධිපතිවරයා විසින් කළ ඉල්ලීමකට අනුව වන බවයි සඳහන් වන්නේ.

චීනයෙන් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබීමට නියමිත ඉන්ධන තොගයෙන් ලීටර් මිලියන 7.5 ක් ( ලීටර් ලක්ෂ 75 ක්) මෙරට කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවීන් සඳහා නොමිලේ ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

මෙම ඉන්ධන තොගය එළඹෙන දෙසැම්බර් මාසයට ප්‍රථම මෙරටට ලැබෙනු ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

READ:   උඳුවප් පුන් පොහෝය අදයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්