මාධ්‍යවේදී තරිඳු උඩුවේගෙදර සහ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන යන අය නොවැම්බර් 08 සහ නොවැම්බර් 14 යන දෙදින තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම ගැන ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා.
මුහුණු පොත තුළ තිබූ එක්තරා පලකිරීමක් Shere කිරීම හේතුවෙන් මෙම තරුණ මධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙලෙස කැඳවා ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර ගෙන ඉහළින් පැමිණෙන නියෝග මත ජනමාධ්‍යවේදීන්, නිතර අත්අඩංගුවට ගැනීමට පෙළඹී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා උදාහරණයක් ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම ද ඒ අතර වන බව ප්‍රකාශ කළා.
ප්‍රජාතන්ත්‍රවාදී අයීතීන් කඩවන ආකාරයට ජනමාධ්‍යවේදීන් සම්බන්ධව මෙලෙස කටයුතු කිරීම ඉතා භයානක තත්වයක් බව පැවසූ මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට සිදුකරන හිරිහැර නිසා අනාගතයේ නැවතත් අරගලයක් ඇති වන බව අවධාරණය කර සිටියා.
එම විඩියෝ පටය පහතින්,


