Saturday, April 25, 2026
Homeදේශීයදීපාවලි තුළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සමානත්වය පිළිඹිබු කරන බව ජනපති කියයි

දීපාවලි තුළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සමානත්වය පිළිඹිබු කරන බව ජනපති කියයි

දීපවාලි උත්සවය තුළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමානාත්මතාවය පිළිඹිබු කරන බව ජනාධිපතිවරයා පවසනවා. සමාජ හා සංස්කෘතික ලක්ෂණ තුළ යම් යම් වෙනස්කම් තිබුණද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යනු එකම කාසියක දෙපැත්තක් බව එතුමා පෙන්වා දෙනවා.

අද ලෝකයම එකතුවී සමරන දීපාවලි උත්සවය තුළින් පුද්ගලයන් අතර සමානාත්මතාවය සහයෝගිතාවය සහ එකමුතුකම පිළිඹිබු කරවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විදේශිකයන්ගේ සංස්කෘතික සංගමය විසින් පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ සංවිධානය කර තිබූ දීපාවලි සැමරුම් විශේෂ උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

READ:   විශේෂඥ වෛද්‍යවරියක් මුහුණු පොතේ දැමු සංවේදී සටහන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්