Tuesday, August 4, 2026
Homeදේශීය“වෙල්නස් විලේජ්” යටතේ බියගමට අංග සම්පූර්ණ රෝහලක්

“වෙල්නස් විලේජ්” යටතේ බියගමට අංග සම්පූර්ණ රෝහලක්

රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් (Wellness Village) සංකල්පයට අනුව නව රෝහලක් ඉදි කිරීමට අදාළ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට වෙල්නස් විලේජ් සංකල්පය ක්‍රියාවට නැංවෙන අතර “මෙඩිකල් ටුවරිසම්” ප්‍රවර්ධනය එහි ඉලක්කය වී තිබේ.

විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ රෝහලක් ලෙස මෙය ඉදිකිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය කෙරිණි.

රෝහලේ සැලැස්ම පිළිබඳ සොයා බැලූ රුවන් විජේවර්ධන මහතා ඉඩම් අත්පත් කර ගැනීම් කඩිනම් කර රෝහලේ ඉදිකිරීම් ආරම්භ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

බියගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත්, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ ලේකම් කේ.පී දයාරත්න, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රාජිත අබේගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම, බියගම ප්‍රාදේශීය ලේකම් චන්දිමා සූරියආරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

රජයේ මාධ්‍ය අංශය

READ:   සුපිරි 6 වටයෙන් ශ්‍රී ලංකාව අද තරග බිමට..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්