Tuesday, April 28, 2026
Homeදේශීයඅතුරුදහන් වූවන් ගැන සාධාරණය ඉල්ලා කොළඹදී උද්ඝෝෂණයක්

අතුරුදහන් වූවන් ගැන සාධාරණය ඉල්ලා කොළඹදී උද්ඝෝෂණයක්

1989 වර්ෂයේ දී අතුරුදහන්වූ පුද්ගලයින්ගේ දෙමාපියන් සහ ඥාතීන් විසින් කොළඹ අතුරුදහන්වූවන්ගේ කාර්යාලය ඉදිරිපිටට පැමිණ අද (27) සිය විරෝධතාව දක්වා සිටියා. ඒ අතුරුදහන් වූ පුද්ගලයින් ගැන මෙතෙක් යුක්තිය ඉටුනොවීම සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කරමින්.

හමුදා , පොලිසිය සහ ආරක්ෂක අංශයන්ගේ සේවයේ නියුතුව සිටියදී අතුරුදහන්වීමට ලක්වූ පුද්ගලයින් ඇතුළුව මෙතෙක් අතුරුදහන්වූ පුද්ගලයින් සංඛ්‍යාව 1,50,000 කට ආසාන්න වන බව පැවසූ විරෝධතා කරුවන්, අතුරුදහන්වූවන්ගේ කාර්යාලය විසින් අතුරුදහන්වූවන්ගේ සංඛ්‍යාව 19,000 ක් පමණක් බව පැවසීම යුක්තිසහගත නොවන බව ප්‍රකාශ කරනවා. ඊන් අනාවරණය වන්නේ අතුරුදහන්වූවන් පිළිබඳව අතුරුදහන්වූවන්ගේ කාර්යාලය විසින් තොරතුරු එක්රැස් කිරීමේදී දක්වන මන්දගාමී බව යැයි.. ඔවුන් පවසනවා.

අතුරුදහන්වූවන් ගැන දේශපාලඥයින් විසින් විවිධ අවස්ථාවන්වලදී පරස්පර අදහස් ප්‍රකාශ කළ ද, අතුරුදහන් වූවන්ගේ කාර්යාලය වශයෙන් කඩිනමින් ජංගම සේවා තබමින් ගම් වලට පැමිණ ඇත්ත අතුරුදහන්වූවන්ගේ සංඛ්‍යාව අනාවරණය කරගැනීමට සක්‍රීයව මැදිහත්විය යුතු බව විරෝධතාකරුවන් මෙහිදී අවධාරණය කර සිටිනවා.

අවුරුදු හතරක් පමණ ගතවූවත් අද වෙනකන් අතුරුදහන් වූවන් පිළිබඳව කිසිදු පරික්ෂණයක් හෝ පවත්වා නැති බවයි විරෝධතාකරුවන් මෙහිදී ප්‍රකාශ කළේ.

සිය ඥාතීන් අතුරුදහන් වූ ආකාරය පිළිබඳව විරෝධතාකරුවන් විසින් ප්‍රකාශ කිරීමට යෑමේදී තරමක උණුසුම් තත්ත්වයක් ද ඇතිවුණා.

ඒ පිළිබඳ සම්පූර්ණ විඩියෝ පටය පහතින්,

READ:   රථ වාහන ලියාපදිංචි ගාස්තු අද සිට ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්