Thursday, June 4, 2026
Homeදේශීයදේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කරේයි

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කරේයි

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ කාලය නොවැම්බර් 23 වැනි දා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම කොමිසම වෙත නිර්දේශ නිකුත්  කර තිබේ.

කොරෝනා වසංගතයේ බලපෑම මත කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු අතපසු වීම නිසා නිර්දේශ ඇතුළත්  අවසන් වාර්තාව සකස් කිරීමට නොහැකි වූ බවත් එම වාර්තාව සකස් කිරීමට අවශ්‍ය කාලය ලබා ගැනීමට  ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ අනුව කොමිසම වෙත  අවසර ලබා දී ඇති බවත් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා නිවේදනය කළේය.

 ඒ අනුව අතපසු වූ සාක්ෂි විමසීමේ කටයුතු හෙට (9) සිට නැවත ආරම්භ කර අවසන් වාර්තාව ලබන 23 වැනි දින ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිතය.

 නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කිරීමට පැමිණිලි  123ක් මේ වන විට මෙම ජනාධිපති කොමිසම මගින් විභාග කොට අවසන් කර ඇත.

READ:   සපුගස්කන්දට නව පිරිපහදුවක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්