Saturday, July 25, 2026
Homeදේශීයඅරගලය විසින් ගාලුමුවදොර පිටියට කළ විනාශය මිලියන 6කට වැඩියි - නිමල් සිරිපාල

අරගලය විසින් ගාලුමුවදොර පිටියට කළ විනාශය මිලියන 6කට වැඩියි – නිමල් සිරිපාල

අරගලකරුවන් විසින් ගාලුමුවදොර ජනතා පහසුව සඳහා ඉදිකර තිබූ නව වෙළඳසැල්, ඌද්‍යාන අලංකාරණ, බැමි, ආසන සහ අනෙකුත් දෑ වලට සිදුකර ඇති හානිය මිලියන 6 කට අධික බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ජනතාවගේ පහසුව උදෙසා ඉදිකර තිබූ ඉදිකිරීම් වලට සිදුව ඇති හානිය පිළිබඳව නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හට නිලධාරීන් විසින් ගාලුමුවදොර සිදුවී ඇති හානිය මිලියන 6කට වැඩි වන බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙළඳසැල් සඳහා සිදුකොට ඇති හානිය ඉතා කඩිනමින් පිළිසකර කර, නියමිත ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් තෝරාගන්නා ව්‍යාපාරිකයින්ට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

READ:   LPL පළමු තරඟයේ ජය Jaffna Kings කණ්ඩායමට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්