Monday, September 21, 2026
Homeදේශීයරෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා...

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo විසින් AI-powered hospital chatbot එකක් හඳුන්වා දී තිබේ.

රෝහල විසින් ප්‍රකාශ කර ඇති තොරතුරු අනුව, මෙම chatbot සේවාව ශ්‍රී ලංකාවේ පළමු AI-powered hospital chatbot ලෙස හඳුන්වා දී ඇත.

රෝගීන්ට සහ රෝහලට පැමිණෙන පුද්ගලයන්ට රෝහල් සේවා, විශේෂඥ වෛද්‍ය උපදේශන, වෛද්‍යවරුන්ගේ ලබාගත හැකි වේලාවන්, channeling ක්‍රමවේද, සෞඛ්‍ය පරීක්ෂණ සහ රෝහල පිළිබඳ සාමාන්‍ය තොරතුරු ඇතුළු කරුණු සම්බන්ධයෙන් chatbot හරහා තොරතුරු ලබාගත හැකි බව රෝහල සඳහන් කරයි.

රෝහල පවසන්නේ මෙම නව තාක්ෂණය හරහා රෝගීන් සහ රෝහල් සේවා අතර සම්බන්ධතාව වඩාත් පහසු කිරීම අරමුණු කර ඇති බවයි.

Narahenpita ප්‍රදේශයේ පිහිටි Kings Hospital Colombo, බහු විශේෂඥ සේවා සපයන ඇඳන් 120කින් සමන්විත පෞද්ගලික රෝහලක් ලෙස ක්‍රියාත්මක වන බව එහි නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

READ:   මේ වසරේදී ලංකා ලුණු සමාගමට කෝටි 17ක ශුද්ධ ලාභයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්