Friday, August 7, 2026
Homeදේශීය''අකුරට වැඩකිරීමක් යන වෙලාවක ඒක නතර කරලා ඒ වැඩේට බැස්සා"'-කොටගල ප්‍රදේශයේ මද්දකට...

”අකුරට වැඩකිරීමක් යන වෙලාවක ඒක නතර කරලා ඒ වැඩේට බැස්සා”‘-කොටගල ප්‍රදේශයේ මද්දකට හසුවූ කොටිය

මිනිසා සේම සතා සිව්පාවාද රැක ගැනීම රජයේ යුතුකම බවත් පනතට වඩා මහජනතාවට දැනෙන දේ කතා කළ යුතු බවත් එදා විපක්ෂයේ සිට ජනතාව ගැන කතා කළ දේවල් දැන් බලය තිබෙන නිසා ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් දැන්වත් සංවේදී වී, කරුණාවන්ත වී ජනතාව රැකගන්නා ලෙස රජයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල ප්‍රදේශයේ මද්දකට හසුවූ කොටියකු සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ දැන ගැනීමට ලැබූ බවත් ඒ අවස්ථාවේ පශු වෛද්‍ය ක්ෂේත්‍රය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටියත් මේ කොටියා මාරාන්තික තත්ත්වක සිටින බවට තමාට වාර්තා වූ පසු මේ පශු වෛද්‍ය වෘත්තීය සමිති නියෝජිතයන්ට කතා කර රන්දෙනිගල පශු වෛද්‍යතුමාව යවන ලෙස සිදු කළ ඉල්ලීම අනුව මෙම කොටියා බේරා ගැනීමට හැකි වූ බවත් මෙවැනි වටිනා සත්ත්වයකු බේරා ගැනීමට උපකාර කළ ඒ පශු වෛද්‍යවරුන්ටත් වන ජිවී නිලධාරීන්ට සේම තොරතුරු දැනුම් දුන් සියලු දෙනාටත් ස්තූතිවන්ත වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පශු වෛද්‍යවරුන්ගේ ගැටලුවලට විසදුම් ලබා දෙන්න

වෘත්තීය ක්‍රියාමාර්ගයක් තිබියදීත් මේ ක්ෂේත්‍ර ක්‍රියාව ඉටු කළ බවත් වන ජිවී ක්ෂේත්‍රයේ පශු වෛද්‍යවරුන් 33ක් සිටිය යුතු වුවත් 17ක් පමණ සිටින බවත් වසර ගණනාවක් මොවුන්ට කුඩම්මාගේ සැලකිල්ල ලැබී බවත් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ බලතල ක්‍රියාත්මක කරන්න පවා නොහැකි වී ඇති බවත් ආදායම අඩුවීම, අධික වැඩ, ජීවිත අවදානම ආදී ගැටලු රැසක් මැද සේවය කළත් උසස්වීම් නොමැති බවත් එක් අධ්‍යක්ෂ තනතුරක් ඇති නමුත් පළපුරුද්දක් සහිත 1 වැනි ශ්‍රේණියේ නිලධාරීන් රැසක් සිටින බවත් මුළු රාත්‍රිය පුරාම විශාල කාර්යක් මොවුන් ඉටු කරන බවත් අවදානම් දීමනා නිවාඩු දීමනා ආදිය නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

READ:   යුද්ධ හමුදාව ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර ආලෝකමත් කිරීමට ‘කොප්පරා’ පූජා කරයි

පශු වෛද්‍යවරුන්ට හිමි විදේශීය පුහුණු අවස්ථා ලබා දෙන්න

පශු වෛද්‍ය නිලධාරීන් 17 දෙනාට අමාත්‍යාංශයට අන්තර්ග්‍රහණය නොකරන හේතුව දැන ගැනීමට අවශ්‍ය බවත් විදේශ පුහුණුව පවා ඔවුන්ට අහිමි වී ඇති බවත් කිසිදු ස්ථිරතාවක් මොවුන්ට නොමැති වුවත් මොවුන් රාත්‍රියේ පවා වැඩ කරන බවත් අකුරට වැඩ කළත් ඉල්ලීම අකුරටම ඉටු කර කොටියා බේරා ගත් බවත් වනජීවී අමාත්‍යවරයා විසින් මොවුන්ට සාධාරණය ඉටු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වනජීවී ක්ෂේත්‍රයේ ගැටලු විසදන්න

වන ජීවී ක්ෂේත්‍රයේ බරපතල ගැටලු රැසක් ඇති නිසා මේවා විසදිය යුතු බවත් මේ සතුන් ආරක්ෂා කර ගත යුතු බවත් පශූ වෛද්‍යවරුන්ගේ රාජකාරිය 4.30ට අවසන් නොවන පැය 24 රාජකාරියක් බවත් ඒ නිසා මොවුන් ගැන රජයේ විශේෂ අවධානයක් යොමුවිය යුතු බවත් දැන්වත් ක්‍රමයේ වෙනසක් ඇති කරනවා නම් මේ පශූ වෛද්‍යවරුන්ට නිසි සාධාරණයක් ඉටුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඊශ්‍රායල් රැකියා ලබා දීමේ ගැටලු රැසක් පවතිනවා

මේ වන විට පොල්දූව මංසන්ධියේ ඊශ්‍රායල් රැකියා නිසා අගතියට පත් පිරිසක් උද්ඝෝෂණය කරන බවත් රජය සහ ඊශ්‍රායලය අතර ඇති කර ගත් ගිවිසුම අනුව 70%ක් රජය මගින් ඊශ්‍රායල් යැවීමට ලක්ෂ 4ක් වැය වන විට 30% විදේශ රැකියා ආයතනයකින් යවන්න ලක්ෂ 45ක් යන බවත් මේ විදේශ රැකියා ආයතනවලට ඩොලර් 5000ක් මේ ශ්‍රාමිකයන්ගෙන් ලැබෙන බවත් දැන් 70%ක් පෞද්ගලික අංශය යවන බවත් මේ නිසා මොවුන්ට ලක්ෂ 45ක් විතර වැයවන බවත් මේ වන විට 3500ක් සිටින බවත් දැන්වත් මොවුන්ට නිසි සාධාරණයක් ඉටු කර රැකියා අයිතිය තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා රජය විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිසි සාකච්ඡා කර රජයේ මට්ටමින් යන ප්‍රමාණය ප්‍රවර්ධනය කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් ගොවියාගේ ස්ථාවර මිල ලබා දෙන්න

දැන්වත් ගොවි ජනතාවගේ අස්වැන්නට ලැබෙන ස්ථාවර මිල වැඩි කරන ලෙසත් රු. 120 ප්‍රමාණවත් නොවන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් රු. 137ක් වියදම් යනවා කිව්වත් දැන් එය නොමැති බවත් මැතිවරණ සමයේ රු. 150ක සහතික මිලක් දෙනවා කිව්වත් අද එය නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

READ:   Online පනත් කෙටුම්පත ගැන තීරණය අද

කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට සහන සලසන්න

ගොවි ජනතාවට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පොරොන්දු වූ නිසා එය ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් දැන්වත් මේ අහිංසක ගොවි ජනතාව රැකගන්න ස්ථාවර මිලක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් එසේම කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් පවා දැන් අසාධුලේඛන ගත වී ඇති නිසා මොවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කර සහන ලබා දෙන ලෙසත් ඛේදවාචක 5කට මුහුණ දුන් මේ අයගේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපල වෙන්දේසි වන බවත් මේ වී මෝල් හිමියන්ට සහන පොලි ණයක් මීට පෙර දුන්නත් දැන් එය නොලැබෙන බවත් මොවුන් වී මිලදී ගන්න අත්‍යාවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්