Tuesday, April 28, 2026
Homeදේශීයමහියංගන රෝහල් අධිකාරී පහරදීමට තැත්කළැයි ජේ.එම්.ඕගෙන් පැමිණිල්ලක්

මහියංගන රෝහල් අධිකාරී පහරදීමට තැත්කළැයි ජේ.එම්.ඕගෙන් පැමිණිල්ලක්

මෘත ශරීරයක් සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් මුල් කරගෙන මහියංගන රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා එහි අධිකරණ වෛද්‍ය නිලධාරිනියට පහරදීමට උත්සාහ කළැයි මහිංයගන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

අධිකරණ නියෝගයක් නොමැතිව මෘත ශරීරයක පශ්චාත් මරණ පරීක්ෂණයක් කළ නොහැකි බවට අධිකරණ වෛද්‍ය නිලධාරිනිය කළ දැනුම්දීමක් මුල් කරගෙන මෙම කතාබහ සිදුව ඇතැයි කියයි.

ඒ වනවිටත් ආපදාවෙන් මියගිය පුද්ගලයන් 12 දෙනෙකුට අදාළව අධිකරණ වෛද්‍ය නිලධාරිනිය පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර ඇත.

වෛද්‍ය අධිකාරීවරයා අධිකරණ නියෝගයක් නැති මරණයකට පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස තමාට කළ දැනුම් දුන් බවත් එහිදී ඔහු තමාට බැඛ වැදී පහරදීමට තැත් කළ බව අධිකරණ වෛද්‍ය නිලධාරිනිය පොලිසියට පැමිණිලි කර ඇත.

සිදුවීම වන අවස්ථාවේ වෛද්‍ය අධිකාරීවරයා බීමත්ව සිටි බවත් ඇය කළ පැමිනිල්ලේ සඳහන්වේ.

එම ස්ථානයේ මහියංගනය පොලිස් ස්ථානාධිපතිවරයා සිටි බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

READ:   කෑගල්ල පොලිස් පහර දීම ගැන විනයානුකූල පියවර ගන්න - පොලිස්පතිගෙන් නියෝග
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්