Thursday, November 13, 2025
HomeNEWචරිත රත්වත්තේ අත්අඩංගුවට

චරිත රත්වත්තේ අත්අඩංගුවට

මුදල් අමාත්‍යාංශ ලේකම්වරුයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසිනි.

2015 වර්ෂයේ දී අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත මිලදී ගැනීම සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ ධාන්‍ය වර්ග තාවකාලිකව ගබඩා කිරීම සඳහා භාවිත කරන කොකුන් ගබඩා 50ක් අනුගමනය කළ යුතු නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර චුදිත අය විසින් හඳුන්වාදෙන ලද ආයතනයක් මඟින් ආනයනය කර මිලදී ගැනීමට සංස්ථාවේ නිලධාරීන් පෙළඹවීම චරිත රත්වත්තේ මහතාට එල්ල වී ඇති චෝදනාවයි.

ඒ අනුව රජයට රු 99,679,799ක පාඩුවක් හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශ්වයක් වෙත සලසා දීම යන චෝදනාවට අදාළව චරිත රත්වත්තේ මහතාව අද (04) උදෑසන 8.25ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ඒ මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

READ:   BREAKING NEWS: දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි සිතාසිය බල රහිත කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්