Wednesday, September 16, 2026
Homeදේශීයහිටපු ජනපති රනිල් අල්ලස් කොමිසමට (වීඩියෝ)

හිටපු ජනපති රනිල් අල්ලස් කොමිසමට (වීඩියෝ)

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ සිටිනවා.

ඒ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන දූෂණ චෝදනාකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා යි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු ජනාධිපතිවරයාට ඉකුත් 17 වනදා අල්ලස් කොමිසම වෙත කැඳවීම සිදු කර තිබුණද, එදිනට පැමිණීමට නොහැකි බවට සිදුකළ දැනුම්දීමකින් පසු හිටපු ජනාධිපතිවරයා මෙලෙස අද (28) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණියා.

එම දර්ශන පහතින්,

READ:   අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හැමෝම කියවන්න - ජනපති ආරාධනා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්