Thursday, March 12, 2026
Homeදේශීයජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ 

ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

එම පෙත්සම රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම නඩු ගාස්තු ජුලි මස 31 වනදාට පෙර ගෙවිය යුතු බවත් එම නියෝගයේ සඳහන්.

අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළා.

READ:   තංගල්ල ධීවර ජලජ සම්පත් කාර්යාලයක ගින්නක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්