පොදුජන පෙරමුණ විසින් සිය පරමාදර්ශී නායකයා ලෙස සලකන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පොදුජන පෙරමුණේ ආශිර්වාදය ලත් වර්තමාන ආණ්ඩුව තුළම සමච්චලයට ලක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
රාජ්‍ය සම්පත් විකිණීමට විරුද්ධත්වය පළ කරමින් මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා නිකුත් කළ නිවේදනයට ආණ්ඩුව දැක්වූ ප්‍රතිචාරය හරහා ඒ බව සනාථ වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මහින්ද රාජපක්ෂ නිකුත් කළ එම නිවේදනයෙන් පැය 72කට පසු රාජ්‍ය නායකයාත් මහින්ද රාජපක්ෂලාගේ ආශිර්වාදයෙන් කැබිනට් එකට ආ පිරිසයි එක්ව ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කිරීමට තීරණය කරමින් මහින්දගේ ප්‍රකාශයට විරුද්ධ වූ බව අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.
විස්තර සහිත විඩියෝව පහතින්,


