Sunday, May 3, 2026
Homeදේශීයෆොක්ස් හිල් අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවිය ජීවිතක්ෂයට

ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවිය ජීවිතක්ෂයට

ඉකුත් මාසයේ දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන පථයේ සිදුවූ අනතුරින් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය බදුල්ල මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 16ක් වන දියතලාව, ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචි සිසුවියක්.

ඉකුත් අප්‍රේල් 21 වනදා දියතලාව නරියා කන්ද ධවන පථයේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකුට දිවි අහිමි වුණා.

මිය ගිය පිරිස අතර වයස අවුරුදු 8ක් වන සිහිති දැරියකද වන අතර අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 21ක්.

READ:   වස්කඩුව අනතුරට හේතුව ඇන්ටික් දුම්රියද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්