Sunday, April 26, 2026
Homeදේශීයඅධිකරණ ක්‍රියාමාර්ගවලට සූදානම් - ජීවන් තොන්ඩමන්: වැඩි කරනවා කියපු කම්කරු පඩියේ අලුත්ම තත්ත්වය

අධිකරණ ක්‍රියාමාර්ගවලට සූදානම් – ජීවන් තොන්ඩමන්: වැඩි කරනවා කියපු කම්කරු පඩියේ අලුත්ම තත්ත්වය

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසනවා.

එසේම වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියලකින් හෝ ඉහළ දැමීමට නොහැකි බව මීට පෙර වතු සමාගම් පැවසුවත් රජය රුපියල් 1700ක දෛනික වැටුප නිවේදනය කිරීමත් සමඟ වතු කම්කරු මූලික වැටුප රුපියල් 200කින් ඉහළ දැමීමට වතු සමාගම් ඉදිරිපත් වූ බව සඳහන් කළ අමාත්‍යවරයා ඉන් පෙන්නුම් කරන්නේ වතු කම්කරු වැටුප් ඉහළ දැමීමේ හැකියාව සමාගම් සතු බව යැයි ද සඳහන් කළා.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

READ:   අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්