Sunday, June 14, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට ලකුණු 287ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 287ක ඉලක්කයක්

සත්කාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවෙන එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 286ක් රැස් කළා.

බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Towhid Hridoy පන්දු 102කින් නොදැවී ලකුණු 96ක් රැස් කළා.

ඒ හයේ පහර 5ක් සහ හතරේ පහර 3 ක් ද සමගින්.

Soumya Sarkar ලකුණු 68 (66) යි.නායක Najmul Hossain ලකුණු 40(39)ක් රැස් කළා.

අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග කඩුලු 04ක් බිඳ දැමුවා.

දිල්ශාන් මධුසංක කඩුලු 02 යි.

කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව ලකුණු 286ක ඉලක්කයක් හබා යෑම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීමට නයමිතයි.

READ:   පාකිස්තානයට 345ක දැවැත්ත ඉලක්කයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්