Sunday, April 19, 2026
Homeදේශීයමාසයක් ගෙවෙද්දී යුක්තියේ තත්ත්වය: සැකකරුවන් 40,590 ක් අත්අඩංගුවට

මාසයක් ගෙවෙද්දී යුක්තියේ තත්ත්වය: සැකකරුවන් 40,590 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් ආරම්භ කළ යුක්තිය මෙහෙයුමට අදාළව ඉකුත් දෙසැම්බර් 17 වනදා සිට සිට මාසයක කාලයක් සිදුකළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 38,225 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2,365 ක් සමගින් මුළු සැකකරුවන් 40,590 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 38,225 දෙනා අතරින් සැකකරුවන් 1,703 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් පුනරුත්තාපනය සදහා යොමු කළ ගණන 1,867 ක්

නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 225 ක් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2,801 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍ය වල වෙළදපල වටිනාකම මිලියන 4791 කට ආසන්න වන අතර, තහනමට ගත් දේපල වල වෙළදපල වටිනාකම මිලියන 725 කට ආසන්න බවයි අනාවරණ වී ඇත්තේ.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 2,365 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 536 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 1,499 ක්ද සිටිනවා.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 149 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 181 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම් වලදී අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්,

හෙරොයින් 73kg 300g
අයිස් 206 kg
කොකේන් 948g
අබිං 49kg 200g
හෂීස් 07kg 200g
ඈෂ් 36kg 200g
ගංජා 655kg
ගංජා පැල 2,992,653
මාවා 136kg 500 g
තූල් 06kg 600g
කුෂ් 01kg 800g
මදන මෝදක 16kg 200g
මත්පෙති 99,908 ක්

READ:   නාරම්මල රත් කළ පොලිස් වෙඩිල්ල ගැන පොලිසිය කියන කතාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්