Thursday, July 30, 2026
Homeදේශීයහෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන් පිළිබඳ විද්වත් කතිකාව හෙට කොග්ගලදී

හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන් පිළිබඳ විද්වත් කතිකාව හෙට කොග්ගලදී

හෙළ සාහිත්‍ය කෙත අස්වැද්දීම උදෙසා අනුපමේය සේවයක් කළ හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන් පිළිබඳ කෙරෙන විද්වත් කතිකාවක් හෙට (14) පැවැත්වෙනවා.

ඒ කොග්ගල මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයේදී.

හෙළ සාහිත්‍ය කෙතේ මල් ථල හටගන්වනු වස් වික්‍රමසිංහයන් කළ අනුපමේය දායකත්වය විග්‍රහ කෙරෙන මෙම වැඩසටහන පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ බෞද්ධ සහ පාලි අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය අසංග තිලකරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය සඳගෝමි කෝපරහේවා, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා සහ මානව විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය යන මහත්වරුන් ඊට සහභාගී වෙනවා.

ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පර්යේෂණ නිලධාරී දුලංක ජයසිංහ මහතා විසින් වැඩසටහන මෙහෙය වනු ලබනවා.

මෙම හරවත් සාකච්ඡාව අවසානයේ මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් රචිත ගම්පෙරළිය නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ ජාත්‍යන්තර කීර්තියට පත් ගම්පෙරළිය සිනමාපටය ප්‍රදර්ශනය කෙරෙනවා.

file
READ:   දයාශ්‍රිත තිසේරා සමගි ජන බලවේග සන්ධානයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්