Friday, September 11, 2026
Homeදේශීයඅධික වර්ෂාවෙන් ගලෙන්බිඳුණුවැව මහ වැව් රැසක් වාන් දමයි

අධික වර්ෂාවෙන් ගලෙන්බිඳුණුවැව මහ වැව් රැසක් වාන් දමයි

දින ගණනාවකට පසු නැවතත් ඊයේ උදෑසන කාලයේ සිට මේ දක්වා ඇදහැරෙන වර්ෂාව හේතුවෙන් ගලෙන්බිඳුණුවැව මහ වැව් වන හුරුලු වැව, අලුත් දිවුල් වැව, කිවුලයකට වැව හා මානම්කට්ටිය වැව යන වැව් හා කුඩා වැව් රැසක් වාන් දමමින් තිබේ.

ඒ අනුව දහවන දිනටත් හුරුලුවැව වාන් දමන අතර තප්පරේට ගණ අඩි 206ක ප්‍රමාණයක් යාංඔයට මුදාහැරේන බව හුරුලුවැව බාර වාරි ඉංජිනේරු දසුන් තිලකරත්න මහතා පවසයි.

අලුත් දියුල්ල වැව අද උදෑසන වාන් දැමීම ආරම්භ කොට ඇත එහි ජලය යාන් වලට මුදා හැරේ.

මේ අතර කිව්‍ලේකට වැවද පවතින වර්ෂාව හේතුවෙන් වාන් දැමීම ආරම්භ කර ඇති අතර එහි වාන් ජලය අඩපන් ඔයට මුදා හැරෙන බව ගලෙන්බිදුණුවැව වාරි ඉංජිනේරු දසුන් තිලක රත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.

READ:   ඉන්දියාවෙන් මෙරටට තවත් ආධාර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්