Thursday, March 12, 2026
HomeදේශීයBREAKING NEWS: ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වෙයි.

BREAKING NEWS: ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි වාර්තා වන්නේ.

මියයන විට ඒ මහතා 75 වන වියෙහි පසුවුණා.

සුමින්ද සිරිසේන මහතා රංගනයෙන් දායක වූ අසල්වැසියෝ,හිරුට මුවාවී,ඉසිවර අසපුව, චරිත තුනක් වැනි ටෙලි නාට්‍යවල ඒ මහතා දැක්වූ නිසඟ ප්‍රතිභාපූර්ණ රංගන හැකියාව කැපී පෙනෙන්නට විය.

දෙයියෝ සාක්කි, එකට ගැටුම ,අසිනි වැසි, ඇබැර්තු ඇත වැනි ටෙලි වෘතාන්තයන්වල සුමින්ද සිරිසේන මහතා රංගනයේ යෙදුණු චරිතයන් සුවහසක් ප්‍රේක්ෂක ජනතාව මහත් කැමැත්තෙන් වැළඳගත් චරිතයන් බවට නිතැතින් පත් විය.

READ:   ස්විඩනය Sex, ක්‍රීඩාවක් ලෙස නම් කරයි: පුවතේ ඇත්ත කතාව හෙළිවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්