Thursday, June 4, 2026
Homeදේශීයබස් රථයක් තාප්පයක් කඩා ගෙන බිහිසුණු අනතුරක

බස් රථයක් තාප්පයක් කඩා ගෙන බිහිසුණු අනතුරක

දෙණියාය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වාද්දූව පොතුපිටිය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.

අද (17) අලුයම බස් රථය මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

බස් රථයේ පාපුවරුවේ ගමන් කළ කොන්දොස්තරවරයා අනතුරින් බරපතළ තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් සුළු පිරිසක් ගමන් කර ඇති බවයි වාර්තා වුණේ.

විදුලි කණුවක්, දුරකථන කණුවක් සහ නිවාස දෙකක තාප්පයකට මෙන්ම අනතුරින් බස් රථයට ද බරපතළ හානි සිදුව තිබෙනවා.

file
file
READ:   කොළඹට ඇතුළු වන දුර ගමන් බස් රථ පරික්ෂාවට (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්