Thursday, April 30, 2026
Homeක්‍රීඩාBREAKING NEWS: අයි.සී.සී ය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරයි

BREAKING NEWS: අයි.සී.සී ය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා.

ඒ අද (10) පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු රැස්වීමේදී.

මෙම තහනම නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බවයි එම කවුන්සිලය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් එහි වගකීම් බරපතල ලෙස උල්ලංඝනය කරමින් සිටින බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වයට හෝ පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික විය යුතු බවත් එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අත්හිටුවීමේ කොන්දේසි ICC ය විසින් ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.

file
READ:   අවුල් වියවුල් මැද විදුලියත් විසංධි වෙයි ද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්