ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවට සුදුසුම පුද්ගලයා සභාපති වශයෙන් පත්කළ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
පහුගිය කාලයේ සිදුවූ ක්‍රිකට් අක්‍රමිකතා ගැන සෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු සහ මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකු ද ඊට පත්කර ඇති බව ඒ මහතා සඳහන් කළා.
ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.
ක්‍රිකට් ජයග්‍රාහණ ලබා ගැනීම පළමු අරමුණ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ සිදුව ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් සෙවීමේ කටයුතු ඒත් සමග සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
කෙස් වෙතත් අමාත්‍යවරයා ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් වී නැති බව වාර්තා වෙනවා.
ඒ සම්බන්ධයෙන් විමසීමට අමාත්‍යවරයා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට ජනාධිපතිවරයා උත්සහ දැරුවද එය අසාර්ථක වී ඇති බවයි වාර්තා වුණේ.
ඒ අනුව අද දවස පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
අමාත්‍යවරයා දැක්වූ ගැන විස්තර සහිත විඩියෝව,


