Thursday, June 18, 2026
Homeදේශීයදැදුරු ඔයේ ජල මට්ටම ඉහළට ගංවතුර අවධානමක් ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

දැදුරු ඔයේ ජල මට්ටම ඉහළට ගංවතුර අවධානමක් ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

දැදුරු ඔයේ ජල මට්ටම ඉහළ යෑමෑන් වාරියපොළ, නිකවැරටිය,මහව, බිංගිරිය, කොබෙයිගනේ,පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුරට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරනවා.

දැදුරු ඔයේ ජලාශයේ වාන් දොරටු 8ම මේ වනවිට විවෘත කර ඇති අතර තප්පරයට ඝන අඩි 17,000ක ජල ධාරිතාවක් මුදාහැරෙනවා.

ජලය මුදා හැරෙන සීඝ්‍රතාව තවදුරටත් වැඩිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අනතුරු ඇඟවීම අනතුරු ඇඟවීම දින දෙකක් දක්වා වලංගු වෙනවා.

file
READ:   කාර් ප්‍රශ්නයකට අටමස්ථාන නාහිමිට අධිකරණයේ පෙනී සිටින්න කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්