Friday, October 16, 2026
Homeදේශීයඅමෙරිකා ඊශ්‍රායල විරුද්ධත්වය මැද සටන් විරාම යෝජනාව සම්මතයි!

අමෙරිකා ඊශ්‍රායල විරුද්ධත්වය මැද සටන් විරාම යෝජනාව සම්මතයි!

සටන් විරාමයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනාව සම්මත වී තිබෙනවා.

යෝජනාවට පක්ෂව ඡන්ද 120ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 14ක් පමණයි.

රටවල් 45ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට ඇති බව සඳහන්.

මැදපෙරදිග කලාපයට ඉක්මන් හා තිරසාර මානුෂීය සටන් විරාමයක් ඉල්ලා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

මෙහිදී ශ්‍රී ලංකාව යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.

ඊශ්‍රායලය සහ ඇමරිකා යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.

READ:   වාහන කිහිපයක් ඇති ආයතන සඳහා QR ක්‍රමවේදය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්