Sunday, July 26, 2026
Homeදේශීයඔන්ලයින් පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අලුතෙන් පෙත්සම් තුනක්

ඔන්ලයින් පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අලුතෙන් පෙත්සම් තුනක්

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් 3ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලමින්.

රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා මෙහිදී පෙත්සමක් ඉදිරිපත් කර සිටියා.

නීතිපතිවරයා වගඋත්තරකරු ලෙස නම් කරමින් යුනෙස්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර සහ මාධ්‍ය නීති සංසදය විසින් තවත් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබුණා.

අදාළ දර්ශන පහතින්,

READ:   ආනයනික සිමෙන්ති බදු ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්