Sunday, April 19, 2026
Homeදේශීයසිනොපෙක් ඊලඟ පිම්ම.

සිනොපෙක් ඊලඟ පිම්ම.

නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිරියේ දී ස්ථාපිත කෙරේ

ඛනිජ තෙල් නීතිගත සමාගම සමඟ ගිවිසුම්ගතව තිබූ ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ගිවිසුම්ගතවෙමින් සිනොපෙක් සමාගම මෙරට මෙහෙයුම් කටයුතු ආරම්භ කරන අතර නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ඉදිරියේ දී ස්ථාපිත කිරීමට නියමිතයි.

මේ අතර සිනොපෙක් සමාගම මෙරට බලශක්ති ක්ෂෙත්‍රයේ ආයෝජනය සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කරමින් ඊයේ (26) විශේෂ උත්සවයක් පැවැත්වුණා.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සහභාගීත්වයෙන්.

file
file

මහජනතාවට ඉන්ධන ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම, ඉන්ධන වල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සහ සාධාරණ මිලකට ඉන්ධන අලෙවි කර ගෙන යාම සඳහා සිනොපෙක් සමාගම සමඟ ඇතිකරගත් මෙම බලශක්ති සබඳතාව මහෝපකාරී වනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

file
file
file
READ:   තෙල් මිල ලඟදිම අඩු කරනවා - ඇමති කියයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්