Saturday, September 12, 2026
Homeදේශීයබොරු දාලා කීර්ති නාමයට හානි කොරොත් නීති මාර්ගයෙන් කටයුතු කරනවා!! සලේ ගෙන්...

බොරු දාලා කීර්ති නාමයට හානි කොරොත් නීති මාර්ගයෙන් කටයුතු කරනවා!! සලේ ගෙන් චැනල් 4 එකට සද්දයක්

චැනල් ෆෝ නාලිකාව විසින් නිකුත් කර ඇති ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වීඩියෝව නිර්මාණය කළ ආයතනයට ප්‍රතිචාර ලිපියක් යොමු කර ඇති බව වාර්තා වෙනවා.

විශ්වසනීය ශාක්සි වලින් තොරව තම කීර්ති නාමයට කැළලක් වන ආකාරයේ චෝදනා ඇතුළත් වීඩියෝව විකාශය කළහොත් නීතිමය ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව ඔහු සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක විඩියෝ පට දෙකක් ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට චැනල් ෆෝ නාලිකාව විසින් සමාජ මාධ්‍යට එක් කර තිබුණා.

සුරේෂ් සලේ මහතා සහභාගී වූ බව කියන හමුවක් පිළිබඳව මෙම වැඩසටහන තුළ මතභේදාත්මක කරුණු ඇතුළත් කර තිබුණා.

ඉන් පළමු විඩියෝව පහතින්,

READ:   ගෑස් ලිප් රතු එළි පෙන්වයි. සෙසු ලිප් ගෑස් පෙන්වයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්