Monday, September 28, 2026
Homeදේශීයහෙට්ටිපොල වෙඩි තැබීමක්

හෙට්ටිපොල වෙඩි තැබීමක්

හෙට්ටිපොල පොලිස් වසමේ, හෙට්ටිපොල කුලියාපිටිය මාර්ගයේ කුරුඳුකුඹුර හංදිය ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

ඊයේ (24) සවස සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා.

තුවාලකරු වයස අවුරුදු 49ක් වූ මූණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට්ටිපොල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගත හැකි බවට ඉඟියක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්