ජැෆ්නා කිංග්ස් සහ බී – ලව් කැන්ඩි අතර පැවති අවසන් පූර්ව වටයේ තරගය ලකුණු 61කින් ජය ගැනීමට කැන්ඩි කණ්ඩායම ඊයේ (17) සමත් වුණා.
ඒ අනුව ඔවුන් දෙවන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තා.
පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 188ක් රැස් කළා.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ Mohammed Haris පන්දු 49 කින් ලකුණු 79ක් රැස් කළා.
දිනේෂ් චන්දිමාල් ලකුණු 41(24) යි.
ලකුණු 189ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2කදී. සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 127ක් පමණයි.
Shoaib Malik ලකුණු 31 යි.
අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 9කට කඩුලු 6ක් දවාගත්තා.


