Thursday, April 23, 2026
Homeක්‍රීඩාදඹුල්ල ට සුපිරි ජයක්

දඹුල්ල ට සුපිරි ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර ඊයේ (11) පැවති තරගය කඩුලු 07කින් ජය ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී රැස් කළේ ලකුණු 133ක් පමණයි.

එහිදී නායක දසුන් ශානක ලකුණු 36ක් Chad Bowes ලකුණු 18 ක් වශයෙන් රැස් කළා.

පිළිතුරු ඉනිම ඇරඹු දඹුල්ල කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

දඹුල්ල වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 70ක් රැස් කළා.

සධීර සමරවික්‍රම ලකුණු 25යි.

READ:   දඹුල්ලෙන් ලකුණු 193ක ඉලක්කයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්